Thursday, May 02, 2024
Follow Us
ඉන්ධන අර්බුදය : පාරට දාන හැම වාහනයකම මගීන් 3 - 4 ක් අනිවාර්යය කිරීමට රාජ්‍ය ඇමතිගෙන් යෝජනාවක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනය වන සෑම වාහනයකම මගීන් තුන්දෙනෙකු හෝ හතරදෙනෙකු අනිවාර්යයෙන්ම ගමන් කළයුතු බවට නීතියක් පැනවිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"මොකටද වාහන ගෙන්වන්නෙ ? කොහෙ දුවන්නද ? ඇත්ත වශයෙන්ම ලංකාවෙ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යයෙන්ම තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් ඒ වාහනයේ සිටිය යුතුයි කියලා නීතියක් ගේන්න ඕනෙ. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නෙ. මෙයින් විශාල ඉන්ධන ප්‍රමාණයක් පිච්චෙනවා.

මේ වෙලාවෙ අපි සියලු දෙනාම කල්පනා කළ යුත්තේ වාහන ගෙන්වන එක නෙවෙයි, තියෙන වාහනත් පාවිච්චි කරන්න පාරට දාන්න කලින් දෙපාරක් අපි කල්පනා කළයුතුයි. හැම මාසෙකම ඩොලර් මිලියන 500ක් යනවා වාහනවලට යන තෙල් ටික ගේන්න ලංකාවට. ඒ ඩොලර් මිලියන 500 හොයාගන්න බැරුව ලෝකෙ රටවල්වලට ණයකාරයො බවට පත්වෙලා තියෙන්නෙ අපි. ඉදිරි අනාගතයේ තවත් මීට වැඩිය දරුණු තැනකට අපි පත්වෙයි. අනාගතයේ මට හිතෙන්නෑ කිරිපිටි ටිකවත් ගෙන්වන්න පුළුවන් වාතාවරණයක් එයි කියලා"

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)