Friday, May 03, 2024
Follow Us
ඉන්ධන හිඟය ගැන බැසිල්ගෙන් ප්‍රකාශයක්

සපුගස්කන්ද වැහුවට ඉන්ධන හිඟයක් නැහැ


කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවෙන බවට, තමාට සහතික විය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරනවා.ඒ මාධ්‍යය විසින් කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ නිසා තෙල් හිඟයක් සම්බන්ධ ව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව සඳහන් කළ අමාත්‍යවරයා, පශ්චාත්තාපයට පත් නො වෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ පමණින්, ශ්‍රී ලංකාව තුළ තෙල් හිඟයක් මතු වීමට ඉඩක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Aruna)