Friday, May 03, 2024
Follow Us
අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

අවදානම් කලාපවල ඉන්න පුද්ගලයින්ට ආරක්ෂිත ස්ථාන


අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.ඒ, ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදීයි.

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ විපතට පත්වූවන්ට සහන සැලසීම හා වන්දි ලබාදීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් විමසා සිටි බවයි.එහිදී අනාවරණ වී ඇත්තේ ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙකු ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල රඳවා ඇති බවයි.

දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000ක් පමණ පදිංචිව සිටින බවට හඳුනාගෙන ඇතත්, ඉන් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කර ඇත්තේ පවුල් 3,000ක් පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණා.ඒ අනුව ඉතිරි 12,000 කඩිනමින්ම ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදෙනු ලැබුවේ.

(Aruna)