Wednesday, February 25, 2026
Follow Us
අද සිට නොවැම්බර් 30 දක්වා මත්පැන් අලෙවිය නවතී?

මත්පැන් හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි


නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව විවාහ උත්සව පැවැත්වෙන දිනයේ අදාළ පාර්ශවලට මත්පැන් අලෙවි කරන මත්පැන් හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා විවාහ උත්සවවල මත්පැන් ලබාදීම තහනම් කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ විවාහ උත්සව පැවැත්වෙන ස්ථාන සඳහා අදාළ මත්පැන් තහනම පිළිබඳව ඇතුළත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසියට හෝ අනෙකුත් බලධාරීන්ට බවයි.

(Aruna)