Monday, May 06, 2024
Follow Us
පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් වෙනුවෙන් සකස් කළ මාර්ග සිතියම අද ජනපතිට අතට

පොහොර ගැටළුව සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් මතුව ඇති සමයක මෙරට පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් සංවර්ධනය කිරීම සදහා සකස් කළ මාර්ග සිතියමක් ජනාධිපතිවරයා වෙත අද භාරදීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම මාර්ග සිතියම නිර්මාණය කළ බවයි.

හරිත කෘෂිකර්මාන්තයක් උදෙසා යන ගමන නිසි ලෙස සම්පූර්ණ කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙමගින් පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරන බවද ලේකම්වරයා සදහන් කළා.

මෙරට පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් සංවර්ධනය කිරීම සදහා සකස් කළ මාර්ග සිතියම ප්‍රතිපත්ති සම්පාදනය හා කෘෂි විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්යවරුන් ඇතුළු 11 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සකස් කෙරුණු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ වැඩිදුරටත් පැවසුවේ.

(NEth)