Monday, May 06, 2024
Follow Us
වර්ෂාවෙන් හානියට පත් වගා බිම්වලට සහන සලසන්න රජය සූදානම්

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කර, එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව ධාරානිපාත වර්ෂාවෙන් හානියට පත් කුඹුරු ඉඩම් හිමියන්ට නැවත වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීම සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙසයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් දී ඇත්තේ.

මෙවර මහ කන්නයේ වගා හානිය කුඹුරු හෙක්ටයාර් 35,000 ක් පමණ වන බව අනාවරණ වී තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වර්ෂා තත්ත්වයක් පවතින බැවින් හානිය සත්‍ය වශයෙන්ම තක්සේරු කළ නොහැකි බවයි ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් දැනුම් දී ඇත්තේ. හානියට පත් කුඹුරු ඉඩම්වලට රජය මඟින් බිත්තර වී සහ කාබනික පොහොර නැවත නොමිලේ ලබා දෙන්නේ නම් හානියට පත් කුඹුරු නැවත වගා කළ හැකි බවද ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් පවසනවා.

(Neth)