Monday, May 06, 2024
Follow Us
ලබන අවුරුද්දෙ මීටත් වඩා අමාරු‌ වෙයි දිගටම දරාගෙන ඉන්න වෙනවා - මහින්ද අමරවීර

රට මුහුණ දී සිටින මුල්‍ය අර්බුදය ඉදිරි කාලය තුළ විසඳෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ් අනුව ඉදිරි වසරේදී අර්බුදය තවත් ඉහළ යනු ඇති බවත් අර්බුදයට මුහුණ දී දරාගෙන සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම ලබන වසරේදී තවදුරටත් ඉහළ යනු ඇති බවයි අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් පරිසර ඇමතිවරයා සඳහන් කළේ. ලබන වසර වනවිට මීටත් වඩා අමාරු වීම හැර වෙනත් කිසිවක් සිදු නොවනු ඇති බවද අමරවීර මහතා පවසනවා.

ඉදිරි වසර තුළ ආහාර හිගයකට මුහුණදීමට සමස්ත ලෝකයටම සිදුවනු ඇති බවට මේ වනවිටත් ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා තිබෙන බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාවටද එය බරපතල ලෙස දැනෙනු ඇති බවයි.

(LNW)