Monday, May 06, 2024
Follow Us
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව දින 50කට වසයි

අද සිට දින 50ක කාලයක් යන තුරු තාවකාලිකව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දැමීමට තීරණ කළ බවත් එයින් රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

" පසුගිය සැප්තැම්බර් 29 වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් රටට අනතුරු ඇඟවනු ලැබුවා වගේ අද ඉදන් දින 50ක් යනකම් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කරලා තිබෙනවා. රටේ තිබෙන සීමිත විදේශ විනිමය සීමිත නිසා එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා එය කළමනාකරණය කර ගැනීමට ඉඩ දීම සිදුකරමින් මෙම තීරණය ගනු ලැබූ බවයි"අමාත්‍යවරයා පැවසුවේ.


(Neth)