Tuesday, May 07, 2024
Follow Us
එන්නත් මාත්‍රා දෙකම ගත් අයගේ ප්‍රතිශක්තිය ගැන හෙළිදරව්වක්

ඉදිරි සති පහ හය රටක් ලෙස පරිස්සම් වන්න


මේ වනවිට කොවිඩ් එන්නත් දෙකම ගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තී මට්ටම අඩුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කරයි.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණ කළත් මාස 6ක් ඉක්ම ගියපසු එහි ප්‍රතිශක්තියේ අඩුවීමක් ක්‍රමාණුකූලව සිදුවන බව පරීක්ෂණ වලින් හෙළිවී ඇති බව අමාත්‍යවරයා පවසයි.

“කොවිඩ් -19 රෝගයට එරෙහිව අපි දීපු මාත්‍රා දෙක සම්පූර්ණ කරලා දැන් බෝහෝ ප්‍රදේශවල මාස 6ක් සම්පූර්ණ වේගන තමයි එන්නේ. එතකොට ලෝකය කරපු පරීක්ෂණවලින් පෙනෙන දෙයක් තමයි මාස 6ක් පමණ ගියාට පස්සේ මාත්‍රා දෙකම ගත්තට පස්සේ යම් විදිහකට එහි ප්‍රතිශක්තියේ අඩුවීමක් ක්‍රමාණුකූලව සිදුවෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත තුන්වෙනි මාත්‍රාවක් හැටියට ලබා දෙන්න. එතකොට ඒ කටයුත්ත අපි ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී ඒක වේගවත් වෙනවා. ඒත් එක්ක අපි දන්නවා. නොවැම්බර් දෙවන සතියේ සිට දෙසැම්බර් අග වෙනතුරු සාමාන්‍යයෙන් අපේ රටේ වැසි සීමාව බලපානවා. සෙම් සහිත රෝග කොහොමටත් වැඩි වෙන කාලසීමාවක්. එතකොට කොයි පැත්තෙන් බැලුවත් ඉදිරි සති පහ හයක කාලය තුළ රටක් ලෙස අපි පරිස්සම් වෙන්න ඕනේ.”යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)