Tuesday, May 07, 2024
Follow Us
මේ විදියට යනවා නම් ආපහු පරණ සමූපාකාර කූපන් ක්‍රමයට යන්න වෙයි - ඇමති චමල්

අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් ලබාදිය යුතුවන අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගතයුතුව ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ප්‍රශ්නය - අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය ඉවත් කිරීමත් එක්ක පෞද්ගලික වෙළඳුන් භාණ්ඩ මිල විශාල ලෙස වැඩිකරලා තියෙනවා. සතොසට යන අයට පමණයි සහන මිලට ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නැවතත් මිල පාලනයක් දානවද ?

"ඒක මම දන්නෑ, මගේ ක්ෂේත්‍රය නෙවෙයිනෙ. ඒක වෙළඳ ඇමතිතුමාත් එක්ක එහෙම සාකච්ඡා කරන්න ඕනෙ කොහොමද සතොසෙන් බඩු ගන්නකොට තියෙන සහනය කියලා. නැත්නම් අපට ආපහු ඔය විදියට යනවා නම් යන්න වෙයි පැරණි අර සමූපාකාර ක්‍රමය තිබ්බෙ, අර කූපන් ක්‍රමය තිබ්බෙ. අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගතයුතුව තිබෙනවා"

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

(LNW)