Tuesday, May 07, 2024
Follow Us
අයවැයෙන් ගෙන ආ රිය අනතුරු ගාස්තුවෙන් ජනතාව මත අතිරේක බරක් නැහැ - ප්‍රවාහන රාජ්‍ය ඇමති කියයි

රිය අනතුරු සම්බන්ධයෙන් ගාස්තුවක් අය කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් ජනතාව මත අතිරේක බරක් පැට නොවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියාසිටියේ අනතුරකට ලක් වූ වාහනයක්, මෝටර් රථ පරීක්‍ෂක ලවා පරීක්‍ෂා කිරීම සදහා යම් ගාස්තුවක් අය කිරීමට අයවැයෙන් යෝජනා කර ඇති බවයි. එම ගාස්තුව ගෙවීම මගින් මෝටර් රථ පරීක්‍ෂකවරුන්ට අල්ලස් දීම ද වැළකෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

අදාළ ගාස්තුව මෝටර් රථ රක්‍ෂණ ආයතනය මගින් ප්‍රතිපූර්ණ කිරීමටද යෝජනා වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සදහන් කළා.

(Neth)