Sunday, May 05, 2024
Follow Us
ජාතික ආරක්ෂාවට මහා වටිනාකමක්

ජාතික ආරක්ෂාව සම්භන්ධයෙන් පැවති දිගුකාලීන අවශ්‍යයතාවක් ඉටු කරමින් ජාතික ආරක්ෂක විද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද විවෘත විය.

මේ අතර මෙම විද්‍යාලයෙන් ප්‍රථම පාඨමාලාව හෙට දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි.

ත්‍රිවිධ හමුදාව, පොළිසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිළධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයන සම්භන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම පර්‍යේෂණ ආයතනය මෙය වේ.

ජාතික ආරක්ෂාව, රාජතාන්ත්‍රිකභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපාය මාර්ගික චින්තකයන් හා නායකයන් බිහිකිරීම ජාතික ආරක්ෂක විද්‍යාලයේ අරමුණයි.

කොල්ලුපිටිය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් මුම්ටාස් මහල් ගොඩනැගිල්ලේ එය ස්ථාපනය කර ඇත. ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා අධ්‍යන පහසුකම් නිරීක්ෂණය කළා. එහි නිළ වෙබ්අඩවිය එළිදැක්වීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනි.

කොළඹ විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය , ඕස්ටේලියා පුහුණු ආරක්ෂක විද්‍යාලය සහ ඇමරිකාව මෙන්ම පකිස්තානය යන රටවල් වල විශේෂඥයන් මෙහි නිර්දේශ කමිටුවේ සම්පත් දායකයන් ලෙස කටයුතු කළා.

චීන රජය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් සහ පකිස්තාන රජය පුස්තකාලයක් ඉදිකිරීමට දායකත්වය ලබාදී ඇත. 2021/11/12 දින ආරම්භ වන ප්‍රථම පාඨමාලාව ලබන අගෝස්තු මාසය දක්වා පූර්ණ කාලීනව පැවැත්වේ. ත්‍රිවිධ හමුවේ 27 දෙනෙකු සහ පොලිස් නිළධාරීන් 4 දෙනෙකු ඊට තෝරාගෙන ඇත.

මෙමඟින් ලබාදෙන උසස් මට්ටමේ අධ්‍යාපනයෙන් නිළධාරීන් ප්‍රයෝජන ගන්නා අතරම ඔවුන්ගේ සහායකයින් වෙත පුළුල් දර්ශනයක් සහ උද්දාමයක් එක්කරණු ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආපේක්ෂාවයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

(LNW)