Sunday, May 05, 2024
Follow Us
වාහන ආනයන සීමා තවදුරටත් - වාහන මිල තවත් ඉහළ යා හැකියි

වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විදේශ වාහන සඳහා වෙළඳපොල විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇත.

වාහන ගෙන්වීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ අනුව අවම වශයෙන් තවත් මාස හතක් යනතුරු සීමා ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා.

කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේ සිට වාහන ආනයන සීමා ක්‍රියාත්මක වේ.

ආනයන සීමා පැනවීමත් සමග ඒ වනවිට මෙරටට ආනයනය කර තිබූ වාහන සහ මෙරට භාවිතයේ තිබූ වාහනවල මිල ගණන් අධික ලෙස ඉහළ ගිය අතර ඇතැම් වාහන වල මිල ගණන් දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසන්නේ වාහන ආනයනය සඳහා අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නොමැති බවයි. මෙම තත්වය මත වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බව සභාපතිවරයා පවසනවා. මිල යළිත් සාමාන්‍ය තත්වයට පත්වන කාලසීමාවක් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවද මෙරෙංචිගේ මහතා පෙන්වා දෙයි.

මෙම තත්වය මත වාහන අලෙවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අපහසුතාවයට පත්වනු ඇත.

(LNW)