Sunday, May 05, 2024
Follow Us
බස්වලට භූමිතෙල් දෙන ඉන්ධනහල්වලට රතු එළියක්

ඩීසල් වෙනුවට පෞද්ගලික බස් රථ සඳහා භූමිතෙල් ලබාදෙන ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග ලබා නොදීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා.

භූමිතෙල් භාවිත කර, ධාවනය කරන පෞද්ගලික බස් රථ ප්‍රමාණය වැඩිවී ඇති බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.

කෙටි දුර ධාවනය වන බස් රථ මෙන්ම ඇතැම් දුර ගමන් සේවා බස්රථවලද ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගන්නා බවයි එහිදී අනාවරණ වුණේ.

ඇතැම් දුරගමන් සේවා පෞද්ගලික බස් රථ රියදුරන් අතරමගදී ඩීසල් ටැංකියට භූමිතෙල් යොදන බවද මගීන් එහිදී සඳහන් කළා.

භූමිතෙල් යොදා ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනයේදී ඉන් පිටවන දුමාරය පෙරට වඩා වෙනස් ගන්ධයකින් යුතු බවයි මගීන් පවසන්නේ.

එමගින් පරිසරයට සිදුවන අහිතකර බලපෑමද විශාලයි. ඩීසල් වෙනුවට පෞද්ගලික බස් රථ භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් විමසීමක් කළා.

ඔහු කියාසිටියේ මේ සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළේ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීමේ ක්‍රමයට සිය සංගමයද විරෝධය පළ කරන බවයි. මෙය පරිසරයට ඉතා අහිතකර තත්ත්වයක් බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.

(Neth)