Sunday, May 05, 2024
Follow Us
විභාග ප්‍රශ්න පත්‍රවල වෙනසක්

ශිෂ්‍යත්වය, උ.පෙළ සහ සා.පෙළ සිසුන්ට දැනුම්දීමක්


කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම සම්බන්ධයෙනි.

“පාසල් වහන්නේ නෑ..වහන්න විදිහක් නෑ. විභාග තියා ගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේදී නිකුත් කරනවා ශිෂ්‍යත්ව විභාගයට මෙන්න මේ විෂය කරුණු තමයි ඇගයීමට ලක්වෙන්නේ කියලා චක්‍රලේඛයකින්. දැනටමත් ගණනය කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ කමිටුවලින් ලැබෙන නිර්දේශ අනුව දැනුවත් කිරීම් ළලමයින්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ලිහිල් කිරීමක් නෙමෙයි. මෙන්න මේ විෂය කොටස් ඇගයීමට ලක්වෙනවා කියලා.”යනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි

(Aruna)