Sunday, May 05, 2024
Follow Us
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදෙස් රැකියාවලට යන්න ඉන්න අයට දැනුම්දීමක්


රැකියා සඳහා විදෙස්ගත වීමේදී අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දීමක් කරනවා.

එමඟින් සඳහන් කළේ, එලෙස විදෙස්ගත වීමෙන්, පසුව ඇති විය හැකි ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වීමකින් තොරව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට ලක්වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

කෙසේ වෙතත් නිසි ලියාපදිංචියක් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට උපකාර කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි කාර්යංශය සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට මුහුණ දීමට සහ දිවි අහිමි වන ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ රක්ෂණයක් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් එම රක්ෂණයට ආවරණය නොවන, ලියාපදිංචි නොවී විදෙස් රැකියා සඳහා ගොස් විවිධ ගැටලුවලට ලක් වූ සහ දිවි අහිමිවූවන්ගේ යැපෙන්නන් වෙත සාධාරණ සහ මානූෂිය හේතුන් මත වන්දි ප්‍රදානය කිරීම සඳහා සුභ සාධක අරමුදලක් ස්ථාපිත කර තිබෙනවා.

එවැනි ශ්‍රමිකයන්ගේ යැපෙන්නන් විසි දෙදෙනෙකුට රුපියල් තිස් පන්ලක්ෂයක ප්‍රතිලාභ වන්දි ලෙස ප්‍රදානය කිරීම පෙරේදා සිදු කෙරුණා.

(Aruna)