Sunday, May 05, 2024
Follow Us
රාජ්‍ය සේවය රටට බරක්ලු

වසරක් යනකම් වැටුප් වැඩි කරන්නේ නෑ


රාජ්‍ය සේවකයින් සඳහා තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව 2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

“මං හිතන්නේ තවදුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕනේ මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. මම පැහැදිලිව කියන්න ඕනේ මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ. වගකීමෙන් කියනවා, රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට පුළුවන්කමක් නෑ. වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා.”

(Aruna)