Tuesday, July 28, 2026
Follow Us
නයිට්‍රෝ රජා නිසා වගා හානි වුනොත් ගොවීන්ට වන්දි

බියකින් තොරව නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යංශය ගොවි ජනතාවට දැනුම් දෙනවා. එම දියර පොහොර භාවිතයෙන් යම් හානියක් සිදුවුවහොත් ඒ සඳහා ද වන්දි ලබාදීමට රජය සූදානම් බවයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ.

“නයිට්‍රෝ රජා” ලෙස නම් කර ඇති ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතය සහ ඒ පිළිබඳ පවතින විවිධ මත සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

(Neth)