Friday, April 26, 2024
Follow Us
විශේෂ ආගමික පූජාවන් පවත්වන්න අවසර

ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ


සියලුම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

ඒ අනුව, බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන්වලදී සහ බෝධි පූජා සඳහාත් උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධ විය හැකිය.

කතෝලික, ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ට ද විශේෂ ආගමික වැඩසටහන්වලදී උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව පවතී.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව සහ පවතින මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට අදාළ ආගමික ස්ථාන භාරකරුවන්ට වගකීම් පැවරෙයි.

(Aruna)