Wednesday, April 24, 2024
Follow Us
ඉදිරියේදී කුමන දේවල් හිඟ වෙයිද දන්නෑ, සමහර කර්මාන්තත් පවත්වාගෙන යන්න බැරිවෙයි - බන්ධුල

ඉදිරියේදී රට තුළ කුමන භාණ්ඩ වර්ග හිඟවේදැයි කියන්නට තමන් නොදන්නා බවත් ඇතැම් අමුද්‍රව්‍ය වර්ග හිඟවුවහොත් මෙරට ඇතැම් කර්මාන්ත පවා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වියහැකි බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"කුමන දේවල් හිඟයක් වෙයිද දන්නෑ. දැන් චීනය කියන ලෝකයේ තියෙන විශාලතම රටක, දවස් පහක් වැඩකරන රට එක දවසක් නම් විවෘත කරලා තියෙන්නෙ, එතකොට භාණ්ඩ හිඟයක් ඇතිවෙනවානෙ ලෝකෙ.

අපටත් විවිධ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නෙ චීනයෙන්. එතකොට අපට අමුද්‍රව්‍යවල හිඟයක් ඇතිවුණොත් අපේ සමහර කර්මාන්තවලටත් මේ ලෙස පවත්වාගෙන යන්න බැරිවෙනවා. ඒක තමයි ලෝකෙ තියෙන අලුත්ම අභියෝගය.

කවුරුහරි කියනවා නම් මෙන්න මෙහෙමයි ලෝකෙ ඛනිජ තෙල් මිල වැඩිවෙන එක ලංකාව පාලනය කරන්නෙ මෙහෙමයි, ලෝකෙ ගෑස් මිල 130%කින් වැඩිවෙලා තියෙනවා ඒක අඩුකරන්නෙ මෙහෙමයි කියලා ක්‍රමවේදයක් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් එයාට මාව හම්බුවෙන්න කියන්නකො"

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)