Thursday, April 25, 2024
Follow Us
පල්ලිවල සිකුරාදා යාච්ඤා මෙහෙයට අවසර

ඉස්ලාම් භක්තිකයින්ට අද සිට ලැබුණු විශේෂ අවසරය


මෙරට ඉස්ලාම් භක්තිකයින්ට සිය දේවස්ථාන තුළ සිකුරාදා යාච්ඤා මෙහෙයන් සිදු කිරීම සඳහා අවසර ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

ඉස්ලාම් භක්තිකයින්ගේ ඉල්ලීම් සලකා බලා අද (22) සිට මෙම අවසරය ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම අවසරය සිකුරාදා යාච්ඤා මෙහෙයන් සඳහා පමණ හිමිවන අතර 50 දෙනෙකුට උපරිම වශයෙන් යාච්ඤා මෙහෙයන් සීමා විය යුතු බව දැනුම් දී තිබේ.

එක් දේවස්ථානයක එක් යාච්ඤා මෙහෙයක් පමණක් පැවැත්විය යුතු අතර දේවස්ථානයට ඇතුළු වීම, පිටවීම සහ පිරිසිදු වීම් සිදු කිරීමේදී විශාල ලෙස ජන ඒකරාශී වීම් සිදු නොකළ යුතු බව අවධාරණය කර ඇත.

තම යාච්ඤා කටයුතු කිරීමට භාවිත කරනු ලබන කුඩා ඇතිරිල්ල පමණක් භාවිත කර එකිනෙකා අතර මීටරයක දූරස්ථභාවය පවත්වාගෙන යා යුතු අතර පිරිසිදු මුහුණ ආවරණයක් පැළඳීම අනිවාර්ය වේ.

දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් දේවස්ථාන පරිශ්‍ර තුළ අනිවාර්යයෙන් සලසා තිබිය යුතු බවට ද දන්වා ඇත.

අතට අතදීම්, වැළඳගැනීම් හෝ වෙන යම් ශාරීරික මුහුවීමක් සිදු නොකිරීමට වගබලාගත යුතු බවට ද අදාළ මාර්ගෝපදේශ වල වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)