Sunday, October 24, 2021
Follow Us
එක්කො සහනාධාර දෙන්න, නැත්නම් තෙල් මිල වැඩි කරන්න - ගම්මන්පිල

LIOC සමාගම ඉන්ධන මිල ඉහළ දමන්නැයි ඉල්ලා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පෙට්‍රල් රුපියල් 15 කින් සහ ඩීසල් රුපියල් 25 කින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙසයි එම සමාගම බලශක්ති අමාත්‍යංශයෙන් ඉල්ලා තිබුණේ.

මීට අමතරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අවසර ලබා දෙන්නැයි පසුගියදා ඉල්ලා තිබූ අතර කෙසේ නමුත් මේ දක්වා මිල ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැත.

පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර, ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ජනතාව දැනටමත් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බැවින් ඔවුන් මත තවත් බර පැටවිය නොහැකි බවයි.

කෙසේ නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ ඉන්ධන අලෙවියෙන් සංස්ථාව ලබන පාඩුව තවදුරටත් දරාගත නොහැකි බවයි. එක්කෝ ඉන්ධන මිල වැඩිකළ යුතු බවත්, එසේ නැතහොත් මුදල් අමාත්‍යංශයෙන් සහනාධාරයක් හිමිවිය යුතු බවත් ඇමතිවරයා පවසනවා.

(LNW)