Friday, April 26, 2024
Follow Us
ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම : ඔක්තෝබර් 20ට පෙර

මීළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 20 වනදාට පෙර සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන්කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මස 05 වනදා සහ දෙසැම්බර් මස 07 වනදා අතර පැවැත්වෙන බවද ඔහු පවසා තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද සභාපතිවරයා පවසා ඇති අතර මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මස 8 වැනි දින හෝ ඊට පෙර ධුරයේ දිවුරුම් දෙනු ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති වැඩිදුරටත් පවසා ඇත.

(News Tube)