Thursday, May 09, 2024
Follow Us
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යළිත් කල්දමයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා ‍වෙත යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල්දමා තිබූ මෙම විභාග දෙක නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබිණි. කෙසේ නමුත් පවත්නා තත්වය හේතුවෙන් සහ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් විභාග තවදුරටත් කල්දැමීමට සිදුවන බවයි ප්‍රේමජයන්ත මහතා පවසන්නේ.

විභාග පවත්වන කාලවකවානු පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවත්, අවම වශයෙන් ලබන වසරේ මුල දක්වා දීර්ඝ වනු ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරනවා.

(LNW)