Wednesday, May 08, 2024
Follow Us
දුම්රිය දුවන දවස තීන්දු කරයි

දුම්රිය සාමාන්‍යාධිකාරි දුම්රිය මාර්ග නිරීක්ෂණයට යයි


සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියළුම දුම්රියන් මේ මස 15 වන දින සිට ධාවනයට එක් කරන බව දුම්රිය ප්‍රවාහන සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා අද(07) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.

දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරිවරයා මේ බැව් කියා සිටියේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ස්ථානවල සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා මහනුවර සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටින අවස්තාවේ හැටන් දුම්රිය ස්ථානයේ සිදු කරන සංවර්ධන කටයුතු පිලිබදව සොයා බැලිමට පැමිණ අවස්තාවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ,

“උඩරට දුම්රිය මාර්ග සම්බන්ධයෙන් සහ දුම්රිය දෙපාර්තුමේන්තුව යටතේ සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් නිරික්ෂණය කිරිමට තමයි අද දින අපි නිරික්ෂණ චාරිකාවකට එක් වුණේ.
ඔක්තොම්බර් (01) දින වන විට දුම්රිය දෙපාර්තුමේන්තුව සුදානමින් සිටියා දුම්රිය ධාවනය කරන්න, දුම්රිය ගමන් වාර 108 පමණ.නමුත් අපිට දැනුම් දුන්නා සති දෙකකට දුම්රිය ධාවනය කල් දමනවා කියලා කොරෝනා තත්ත්වය නිසා.එම නිසා 15 වන දින සිට දුම්රිය ධාවනය ආරම්භ කරන්න අපි සුදානම්ව සිටිනවා, ඒ සදහා අපි ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.

කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හදුන්වලා දිමට කටයුතු කරලා තියෙනවා, විශේෂයෙන්ම කුරුණැගල , පානදුර , වේයන්ගොඩ දුම්රිය ස්ථාන සිට අර්ධ සිඝ්‍රගාමි කාර්යාල දුම්රියන් හදුන්වලා දිලා තියෙනවා.
සමාන්‍යයෙන් දැනට තිබෙන දුම්රියන් වලින් මගින් 25000 පමණයි ආසනගතව දුම්රියෙන් කොළඹට පැමිණිමට හැකියාව තිබෙන්නේ.එම සිමා යටතේ තමයි අපිට සේවය සපයන්න වෙන්නේ.

කොරෝනා නොමැති කාලයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට මසකට මිලියන 500 පමණ අදායමක් තිබුණා.එම අදායම දැන් අපිට අහිමි වෙලා තියෙනවා.අනෙත් පසින් දුම්රිය ධාවනය නොකිරිම නිසා යම් ඉතිරි කිරිමක්ද සිදු වෙනවා.අපි මේ වන විට පියවර ගෙන තිබෙනවා දුම්රිය මගින් ප්‍රවාහනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරිම සම්බන්ධව.

ඉන්ධන ගබඩා සදහා දුම්රිය මගින් 35% පමණ ප්‍රවාහනය කරනවා, ඉදිරියේදි එය 60% දක්වා වැඩි කිරිමට අපි කටයුතු කරනවා. ඒ සදහා ප්‍රවාහන ඇමතිතුමියගෙන් සහ ඛනිජ තෙල් අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබිලා තියෙනවා.කෙටි කාලිනව දුම්රිය ක්ෂේත්‍රයට අවශ්‍ය නොවන ඉඩම් සංවර්ධන කටයුතු සදහා ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන් , අවුරුදු පහක් සදහා ලබාදෙන්න පුළුවන්, විශේෂ අවසරය මත මධ්‍ය කාලින ව්‍යාපෘති සදහා ලබාදෙන්න පුළුවන්.

අද දින ඇල්ල , දෙමෝදර දුම්රිය ස්ථානවල , සංචාරක අමාත්‍යංශය එක්ක අපි කරගෙන යන වැඩ කටයුතු තියෙනවා, ඒවා ක්‍රියාත්මක කරලා වඩාත් හොද සේවයක් මගියන්ට ලබාදෙන්න.

දුම්රිය දෙපාර්තුමේන්තු මේ සමාජයේ පැතිකඩක් ,සමාජයේ තියෙන ගැටළු දුම්රිය දෙපාර්තුමේන්තුවෙත් තියෙනවා. එවත් සමග වඩාත් හොද සේවයක් සපයන්න වෘත්තිය සමිති සහ අපගේ දැඩි උවමනාව තියෙනවා , අපිට එකතු වෙලා දිගු ගමනක් යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.15 වන දින සිට අනිවාර්යෙන්ම අපි දුම්රිය ධාවනය කරනවා , ඒ සදහා අපි ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් ලබාගෙන තියෙනවා.” යනුවෙන් පැවසිය.

මෙම නිරික්ෂණ චාරිකාවට මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ඩි.එම්.දිසානායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරුවන් පිරිසක් සහභාගි විය.

(Aruna)