Wednesday, May 08, 2024
Follow Us
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ඔන්ලයින් පමණයි


අපොස සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවනු ලබන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

විභාග දෙපාර්තමේන්තුවේ https://www’doenets.lk යන වෙබ් අඩවියට පිවිස ‘‘අපගේ සේව‘‘ යටතේ ඇති මාර්ග ගත අයදුම්පත් ‘‘පාසල් විභාග“ මත කිල්ක් කිරීම මගින් හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වන DOE වෙත පිවිස මාර්ග ගත අයදුම්පත් (පාසල් විභාග) මත ක්ලික් කිරීම මගින් අයදුම්පත් යොමුකළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
අයදුම් පත් බාර ගන්නා අවසාන දිනය මේ මස 25 වැනි දින වන අතර වැඩිදුර තොරතුරු 011- 2785231 හෝ 011-2785216 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකියි.

(Aruna)