Wednesday, May 08, 2024
Follow Us
ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදන 02 ක් - මුදල් අමාත්‍යංශයට තවත් බලතල

මුදල් අමාත්‍යංශයට සහ මුදල්, ප්‍රාග්ධන වෙළඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයට අදාල ආයතනික හා නෛතික රාමුවේ සංශෝධන කිහිපයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව මෙම සංශෝධන සිදුකර තිබේ.

මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මෙම සංශෝධන සිදුකර ඇති අතර ඒ යටතේ මුදල්, ප්‍රාග්ධන වෙළඳපොල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වූ ආයතන සහ කාර්යයන් සියල්ල මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබෙනවා.

මීට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බලතල පුළුල් කරමින් ජනාධිපතිවරයා විසින් අනෙක් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙම කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යභාරය ඵලදායීව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබූ අතර ඒ අනුවයි ගැසට් නිවේදයක් හරහා එම බලතල ලබා දී තිබෙන්නේ.

මීට පෙර පත්කළ, දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට විශේෂ ජනාධිපති කොමිසම පත්කර තිබේ. පළමු කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ කරුණු මත පදනම්ව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම විශේෂ ජනාධිපති කොමිසමේ වගකීමයි.

(LNW)