Wednesday, May 08, 2024
Follow Us
ගුරු වැටුප් විෂමතා එකපාර ඉවත් කරන්න බෑ අයවැයෙන් විසඳුම් දෙනවා - සුසිල්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට එකවර විසඳුම් ලබාදිය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල්‍ ප්‍රේමජයන්ත මහතා පවසනවා. අදියරෙන් අදියර එම ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසනවා.

ඉදිරි අයවැය තුළින් ඊට අවශ්‍ය විසඳුම් යෝජනා කරනු ඇති බවයි, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ.

රජය මේ වනවිටත් වැටුප් විෂමතා ගැටලුව පිළිබඳව තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණය සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති වෙත ප්‍රතිඥාවක් ලබා දී ඇති බවත් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

බුද්ධික පතිරණ මහතා සඳහන් කළේ දුම්කොල බද්ද වැඩිකර ඒ හරහා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල මුල්‍ය ප්‍රතිපාදන සොයාගත හැකි බවයි. එය ඉතා හොඳ යෝජනාවක් බව පැවසූ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

(LNW)