Wednesday, May 08, 2024
Follow Us
ලංකාවේ පැන්ඩෝරා සල්ලිකාරයින්ගේ සල්ලි වලට වෙන්න යන දේ

පැන්ඩෝරා සල්ලිකාරයින් ගැන ජනපති දැඩි තීන්දුවක් ගන්න යයි


පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති කරුණු පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

අද (06) පෙරවරුවේ ආරම්භ වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව සඳහන් කළේය.

“ජනාධිපතිතුමා අද පෙරවරුවේ ක්ෂණික තීන්දුවක් ගනු ලැබුවා පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව ගැන. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මසක් ඇතුළත මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුවී ඇති කාරණා ගැන වාර්තාවක් දෙන්න කියලා.”

(Aruna)