Wednesday, May 08, 2024
Follow Us
මහා කන්නය වෙනුවෙන් පොහොරදීම ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යළි සහතිකයක්

මහා කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර වර්ග ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ නයිට්‍රජන් පොහොර වර්ග ආනයනය සඳහා නව පොහොර සාම්පල පරීක්ෂාව මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙවර මහා කන්නය සඳහා අවශ්‍ය සියලුම පොහොර වර්ග ගොවීන් වෙත ලබාදීම ලබන 12 වනදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි. අවශ්‍ය වුවහොත් ඉන්දියාවෙන් ගුවන් මඟින් හෝ පොහොර ගෙන්වීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

(Neth)