Friday, May 03, 2024
Follow Us
ප්‍රාථමික පාසල් මෙම මස සිට අරඹන්න අධ්‍යාපන ඇමති සූදානමින්

පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මෙම මස සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මහරගම මාදිවෙල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ පළමුව ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ජාතික ප්‍රවාහන ආයතනයේ සේවාවන් ලබන සදුදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ පැවසුවේ සේවා ලබාගන්නා පුද්ගලයින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය යුතු බවයි.

ඒ සදහා ඕනෑම ජංගම දුරකතන ජාලයකින් අංක 223 ඇමතීමෙන්, ස්ථාර දුරකතන මගින් අංක 1225 ඇමතීමෙන් හෝ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් එක්විය හැකි බවයි ඔහු පැවසුවේ.

(Neth)