Friday, May 03, 2024
Follow Us
අහසේ පාවූ විශේෂය ගැන පරිසර ඇමති නියමයෙන් පරීක්‍ෂණ

ප්‍රදේශ කිහිපයක අහසෙහි පා වෙමින් තිබූ මකුළු දැල්වලට සමාන විශේෂය ගැන පරීක්‍ෂණ සිදුකරන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගිරාදුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය හා අම්පාර ප්‍රදේශවලින් අදාළ විශේෂය ඊයේ දිනයේ දිස් වුණා.

ඒ අනුව අහසෙහි පා වූ එම විශේෂය පිළිබද පරීක්‍ෂණ සිදුකරන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ එය මකුළු දැල් විශේෂයක් බවයි.

මෙය මෙවන් කාලසීමාවකදී සිදුවන සාමාන්‍ය තත්ත්වයක් බවත් ඊට කිසිවෙකුත් බිය විය යුතු නැතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සදහන් කළා.

(Neth)