Saturday, May 04, 2024
Follow Us
අවදානම් නිවේදනයක් නිකුත් වෙයි

දිස්ත්‍රික්ක කිහිපයකට හදිසි අනතුරු ඇඟවීමක්

අවදානම් නිවේදනයක් නිකුත් වෙයි
පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (01) පස්වරු 06 සිට අද (02) පස්වරු 06 දක්වා කාලය සඳහා එම නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මිලිමීටර 150ට වැඩි වැසි අපේක්ෂා කරන බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(Aruna)