Saturday, May 04, 2024
Follow Us
ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම: අපි කළේ එක්සයිස් එකක් - සරත් වීරසේකර

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් නාවික හමුදා නිළධාරීන් පිරිසක් කතෝලික දේවස්ථානයක් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ සහ අද රටතුළ දැඩි ආන්දෝලනයක් ඇතිවිය. කතෝලික සභාව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළයුතු බවයි.

‍මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ, කරුණු වරදවා වටහා ගැනීම හේතුවෙන් මෙවැනි තත්වයක් මතු වූ බවයි. අදාල දැනුම්දීම, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ එක්සයිස් එකක් බවත්, ඉහළ නිළධාරියෙකු විසින් එය වරදවා වටහා ගැනීම හේතුවෙන් අදාල දේවස්ථානය දැනුවත් කර ඇති බවත් ඇමතිවරයා පවසනවා.

මේ සිදුවීමට සම්බන්ධ ඉහළ නිළධාරියා කැඳවා නාවික හමුදාපතිවරයා විසින් අවවාද කර ඇති බවද සරත් වීරසේකර මහතා පවසනවා.

ඕනෑම මොහොතක අනතුරක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බවත්, මෙවැනි එක්සයිස් විටින් විට සිදු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

(LNW)