Saturday, May 04, 2024
Follow Us
ලංගමයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවංලගු කරයි

හෙට සිට ලංගම බස් ධාවනය වන්නේ මෙහෙමයි


ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 5500ක පමණ ප්‍රමාණයක් හෙට (01) සිට ධාවනයට සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි ‍රණවක මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ලංගම රියදුරු කොන්දොස්තර හා කාර්මික අංශයේ සේවකයන් සියලු දෙනා රාජකාරියට කැදවා ඇති බවයි.

එමෙන්ම ඔවුන් සියලුදෙනාගේ නිවාඩු ද අවංලගු කර ඇති බව හෙතෙම පැවසීය.

ලංගම සේවකයින් රාජකාරියට කැදවන කැඳවන ලෙසට සියලුම ඩිපෝ අධිකාරීවරුන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
අන්තර් පළාත් බස් රථ ධාවනය පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති අතර, ඒ සඳහා වෙන් කර තිබෙන බස් රථද පළත් තුළ ධාවනයට පියවර ගන්නා කිංස්ලි රණවක මහතා පැවසීය.

ඒ මහතා පැවසුවේ කිසිදු තද බදයකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය බස් රථ ප්‍රමාණයක් යොදවන බවයි.

එමෙන්ම බස්‍ රථයක ගමන් කළ හැකි වන්නේ ආසන ප්‍රමානයට පමණක් බව කිංස්ලි ‍රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)