Saturday, May 04, 2024
Follow Us
ඔක්තෝම්බර්, තීරණාත්මක මාසයයි - යුද හමුදාපති කියයි

හෙට දිනයේ නිරෝධායන ඇදිරී නීතිය ඉවත් කළද ජනතාවගේ වගකීමෙන් යුතු හැසිරීම එළඹෙන ඔක්තෝම්බර් මාසයේ තත්ත්වය තීරණය කරනු ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියාසිටියේ ජනතාව වගකීමෙන් යුතුව කටයුතු නොකලහොත් යළි කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

නිරෝධායන ඇදිරි නීතිය හෙට අලුයම 4 න් ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යායුතු සීමා අද දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ කටයුතු ද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ඇති බවටයි පැවසෙන්නේ. එහිදී අත්‍යවශ්‍ය සේවාවන් කෙරෙහි වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමට නියමිතයි.

(Neth)