Saturday, May 04, 2024
Follow Us
ඉදිරි මාස 6 ට අලුත් ආර්ථික සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ඉදිරි මාස හයේ ආර්ථික සැලැස්ම හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ රටේ සියළු ප්‍රධාන අංශ ආවරණ වන පරිදි මෙම නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි. සර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම මෙහි අරමුණයි.

මේ අතර අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට මේ වනවිටත් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින්.

මේ අතර සහල් සදහා උපරිම මිලක් නියම කරමින් රජය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සහල් නිෂ්පාදකයෙකු, මෝල් හිමියෙකු, සහල් අළෙවි කළයුතු උපරිම මිල නියම කරමින් ඉකුත් 2 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරනු ඇති.

(Neth)