Thursday, March 28, 2024
Follow Us
සහල් මිල වැඩි වෙයි

වෙනස් වූ සහල් මිල මෙන්න


සහල් සඳහා පැනවූ පාලන මිල සඳහන් ගැසට් නිවේදනය යළි සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ, සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබේ.

එහි දී සම්බා හා කීරි සම්බා පාලන මිල සංශෝධනය කෙරෙන අතර කැකුළු හා නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත.

කීරි සම්බා පාලන මිල රුපියල් 125 සිට 145 දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමෙන් පසු සහල් සඳහා පාලන මිලක් පනවනු ලැබීය.

(Aruna)