Friday, May 03, 2024
Follow Us
දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්ට පූර්ණ බලතල තිබෙනවා - පී.බී.

දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නොමැති බවට විපක්ෂය කරන ප්‍රකාශ සාවද්‍ය බවත් මහජන ආරක්ෂක ආඥා පනතේ පස්වැනි වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට පූර්ණ බලතල අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට හිමිවී ඇති බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ යුධ හමුදාවේ මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාය.

(LNW)