Friday, May 03, 2024
Follow Us
ත්‍රිරෝද රථ හිමියන්ට ප්‍රවාහන අමාත්‍යංශයෙන් නිවේදනයක්

ත්‍රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ


ත්‍රිරෝද රථ අලංකරණ අංග උපාංග සවිකිරීමට හා රැඳවීමට තහනම් පනවමින් පනවා තිබූ නීති රීති රැසක් ලිහිල් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ත්‍රීරෝද රථ අලංකරණය කර ගැනීම්වලට බාධා වන ආකාරයෙන් පවතින නීති රීති සංශෝධනය කරන ලෙස ත්‍රිරෝද රථ හිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම ඊයේ (06 වැනිදා) පැවැසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරින්ගෙන් යුතුව පත් කළ කමිටුවේ නිර්දේශ මත රිය අනතුරකට හෝ ඉන් මගියාට අනතුරක් නොවන අංගෝපාංග ත්‍රිරෝද රථ සඳහා සවිකර ගැනීමට හෝ රැඳවීමට අවසර දී තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

ඒ අනුව ත්‍රිරෝද රථවල අංගෝපාංග සවිකිරීමේදී සහ රැඳවීමේ දී රථයේ බර මානයන් සහ මූලාකෘතියේ දැක්වෙන සීමාවන් නොඉක්මවීම, හැඩය, සැලස්ම හෝ බාහිර පෙනුම වෙනස් නොකිරීම, නිෂ්පාදනය කරනු ලැබූ කාර්ය වෙනස් නොකිරීම, එහි සමතුලිතභාවය නොබිදීම, රියදුරු හා මගී අසුන් සඳහා ඇති ඉඩකඩ වැඩි නොකිරීම, රියදුරු මැදිරියේ හෝ පිටුපස පැති දොරටුවල දර්ශනය අවහිර නොකිරීම, පිටුපස දර්ශන කණ්ණාඩිවල දර්ශනය අවහිර නොකිරීම, පරාවර්තන බාහිර ස්වරූපයන් නොතිබීම, මාර්ගය හෝ ආශ්‍රිත ප්‍රදේශය භාවිතා කරන තැනැත්තන්ට බාධාවක් හෝ අනතුරක් සිදුවන ආකාරයට තියුණු දාර සහිත උවාරණ පිට පැත්තෙහි සවි නොකිරීම සිදුකළ යුතුවේ.

(Aruna)