Wednesday, July 29, 2026
Follow Us
මහජන ආධාර දීමනා ගෙවීම් හෙට සහ අනිද්දා

දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල දින දෙකකට විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ, අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් සදහාය.

ඒ අනුව හෙට (01) සහ අනිද්දා (02) දිවයිනේ සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘත කරන බව තැපැල් මූලස්ථානය සදහන් කරයි.
තැපැල් කාර්යාල වෙත පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැමිණෙන ලෙසට තැපැල් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

(Aruna)