Thursday, April 30, 2026
Follow Us
විවාහ ලියාපදිංචි කිරීම් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අද සිට නියෝග රැසක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන අතර කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම් ඒ සදහා බාධාවක් නොමැති බවයි පොලීසිය පැවසුවේ.

මනාල යුවල, දෙපාර්ශවයේ මව්පියන්, රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්‍ෂිකරුවන් දෙදෙනාට නිවසේදී හෝ යම් ස්ථානයකදී ඒ සදහා එක්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

(Neth)