Thursday, April 30, 2026
Follow Us
ගුරු විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.

මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග එම කමිටුවේ සාමාජිකයින් වනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අධ්‍යනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම එම කමිටුව වෙත පවරා තිබෙනවා.

(Neth)