Wednesday, April 24, 2024
Follow Us
හෙට සිට පළාත් අතර බස් හා දුම්රිය සේවය ඇරඹේ

හෙට (01) දින සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ප්‍රවාහන රජය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව අන්තර් පළාත් බස් හා දුම්රිය සේවාව යළි ආරම්භ වනු ඇති.

රජයේ සේවකයින් සියලු දෙනා සුපුරුදු පරිදි යළි රාජකාරියට කැඳවා තිබෙන හෙයින් ඊට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි අමුණුගම මහතා සඳහන් කරන්නේ.

''ඒ නිසා සාමාන්‍ය පරිදි සිට හෙට උදේ සහ සවස්වරුවේ ධාවන කටයුතු ආරම්භ කරනවා. නමුත් මැද කාලසීමාවේ තියෙන ගමන්වාර අපි ධාවනය කරන්නේ නෑ. එයට හේතුව තමයි තවම සෞඛ්‍ය අංශවලින් දැනුම්දෙන පරිදි වසංගතයේ බරපතල තත්ත්වයක් තියෙනවා. රාජකාරිවලට යන අයට ප්‍රවාහන පහසුකම් සපයන්න අවශ්‍ය නිසා මේක අපි ආරම්භ කරනවා. අපි ලංගමට කියලා තියෙනවා. අනිවාර්යෙන්ම සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. ආසන ගණනට පමණයි මගීන් ප්‍රවාහනය කළ හැක්කේ.''

එම සෞඛ්‍ය නීති අනුගමනය කරමින් බස් ධාවනය සඳහා පෞද්ගලික අංශයට ද අනුමැතිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියි.

(LNW)