Tuesday, April 23, 2024
Follow Us
රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණීමේදී කොරෝනා එන්නත ලබා ගත් කාඩ් පත අනිවාර්යය කිරීමට අවදානය

රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්ත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළග තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබදවද කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

කොරෝනා මර්දන එන්නත් මෙරටට ලබාගැනීම සදහා රජය විසින් තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.

රජය විසින් ලබාදෙන කොරෝනා එන්නත කඩිනමින් ලබාගැනීම ජනතාව සතු යුතුකමක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත්තේ. ඒ, ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදීයි.

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 4,380ක්. එම මරණ පිළිබඳ සිදු කළ අධ්‍යයනයකදී හෙලී වි ඇත්තේ එම පිරිසෙන් සියයට 95කට ආසන්න ප්‍රතිශතයක් මිය ගොස් ඇත්තේ කොරෝනා මර්දන එන්නත් ලබා නොගැනීම හේතුවෙන් බවයි.

මේ හේතුවෙන් මේ වන විට කොරෝනා එන්නත් ලබා නොගත් පුද්ගලයින් එම එන්නත් ලබා ගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී පෙන්වා දි තිබෙනවා.

මේ අතර කොරෝනා මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින් පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සංගණනයක් සිදු කර දින කිහිපයක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

(Neth)