Thursday, April 25, 2024
Follow Us
රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.


මරණ අඩු වෙන්න තවත් සති 2ක් හෝ 3ක් ගතවේවි

අමාත්‍යවරිය සදහන් කළේ රට යළි විවෘත කිරීමේ සම්බන්ධයෙන් එම තීරණය ගන්නා අවස්ථාවේ තිබූ තත්ත්වය මේ වන විට නොමැති බවයි.

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව කැපීපෙනන ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරිය පැවසීය.

ඒ අනුව කොවිඩ් අවදානම පිළිබදව සලකා බලා ඉතා කල්පනාකාරීව මේ මොහොතේ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)