Thursday, March 28, 2024
Follow Us
එන්නත් ගෙන්වන්න ඩොලර් මිලියන 110ක් වැය වෙලා

+කොවිඩ් පාලනයට මිලියන 53,000ක් ගිහින්


මේ වන විට රජය කොවිඩ් මර්දන එන්නත් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් වැය කර ඇති බව භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

ජුනි මාසය වන විට එන්නත්කරණයට හැර කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රුපියල් මිලියන 53,000ක් වැය කර ඇත.

2020 වසරේ මුල් මාස හය හා සැසදීමේදී 2021 වසරේ මුල් මාස හය තුළ බදු ආදායම සියයට 8කින් ඉහළ ගොස් ඇති බව ලේකම්වරයා සඳහන් කරයි.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑමට මුහුණදීම සඳහා එන්නත්කරණ ඉලක්කය සපුරාගත යුතු බැවින් එන්නත් මිල දී ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එස්.ආර් ආටිගල මහතා වැඩිදුරටත් පවසයි.

(Aruna)