Saturday, April 20, 2024
Follow Us
සිවිල් ආරක්ෂක බලකාය සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය ඇමති වීරසේකරගෙන් ඉවතට

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සරත් වීරසේකර මහතා යටතේ මින් ඉදිරියට පවතින්නේ ආයතන දෙකක් පමණි. ඒ, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය යන ආයතන දෙකය.

අදාළ ගැසට් නිවේදනය මෙතැනින් ... http://documents.gov.lk/files/egz/2021/7/2238-19_S.pdf

(LNW)