Wednesday, April 24, 2024
Follow Us
කොරෝනා එන්නත ලබා ගන්න ජනතාවට තවත් අවස්ථාවක්

මෙතෙක් කිසිඳු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නොමැති වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා කඩිනමින් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලබන සතියේ සිටයි.
ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට කොළඹ ජාතික රෝහලට ගොස් අදාළ එන්නතක පළමු මාත්‍රාව ලබාගත හැකි බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිය හිමි ඇතැම් පුද්ගලයින් මේ දක්වා කොරෝනා මර්දන කිසිඳු එන්නතක පළමු මාත්‍රාව හෝ ලබාගෙන නොමැති බව අනාවරණ වී තිබෙනවා. බස්නාහිර පළාත තුළ එන්නත් ලබාගත් පුද්ගලයින් අතර පිට පළාත්වලින් පැමිණ බස්නාහිර පළාතේ නේවාසිකව සිට සේවය කරන පිරිස් ද වැඩි වශයෙන් සිටින බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එබැවින් මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති නම් ලගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙසටයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ අතර දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා මර්දන එන්නත නොගත් ජනතාව පිළිබඳ සංගණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම සංගණනය සිදු කර එන්නත ලබා නොගත් ජනතාව පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට අවධාරණය කර ඇත්තේ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදි ඊයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ.

(Neth)