Saturday, April 20, 2024
Follow Us
හරිත සමාජ ආර්ථිකයක් ජනාධිපති කාර්ය සාධක බලකාය බැසිල්ගෙන් ඉවතට. අලුත් ගැසට්ටුව නිකුත් වේ

දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (29) නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව අදාළ කාර්ය සාධක බලකායෙහි සභාපතිවරයා වශයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කර ඇති අතර එහි ලේකම්වරයා වශයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් මෙම කාර්ය සාධක බලකාය සමන්විත වේ.

මෙම කාර්ය සාධක බලකාය පසුගිය මැයි 10 වනදා මුලින්ම පිහිටුවන අවස්ථාවේදී එහි සභාපති ධුරයට පත්කර තිබුණේ එවකට ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ක්‍රියා කළ බැසිල් රාජපක්ෂ මහතාවය. ඒ මහතා මේ වනවිට මුදල් අමාත්‍ය තනතුරට පත්ව සිටී.

(LNW)